Helabima

මල්වර උත්සවයේ කෑම පාර්සල් ගමම ලෙඩ කරයි





බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක පැවැත්වීමට සුදානම් කර තිබු මල්වර උත්සවයක් නවතා  දැමු අතර  එයට උදව්වීම සඳහා පුද්ගලයින් 35දෙනෙක් පමණ එම නිවසට පැමිණ තිබේ.

උත්සවය නවතා දැමීම හේතුවෙන් පිසින ලද ආහාර සියල්ල නිවැසියා විසින් උත්සවයට ආරාධනා කරන ලද නිවෙස්වලට පාර්සල් කර ගෙන ගොස් දී ඇත.

ජූලි 26 වන දා එම නිවසේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයෙකුට ඇති වු රෝගී තත්ත්වයක් මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකිරීමේ දී ඔහු ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

පසුව ඉදිරි දින කිහිපය තුළ තවත් පුද්ගලයින් 23දෙනෙකුට ම කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ඉන්පසුව ආශ්‍රිතයින් 212දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ගොරකදෙණිය ලංකාරාම විහාරස්ථානයේ දී ඊයේ (31) සිදුකර තිබේ.

එයින් පුද්ගලයින් 62ක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර ආසාදිතයින් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

ප්‍රදේශයේ පවුල් 40කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිරෝධායනට ලක්කර තිබේ.

කෙසේ වෙතත් ආහාර පිසීම සඳහා ගොස් ඇති පුද්ගලයා කොවිඩ් ආසාදිතව සිටිය දී එම කටයුත්ත සිදුකිරීම පිළිබඳව කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා අදාළ පුද්ගලයාට දැඩි ලෙස අවවාද කළේය.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us