Helabima

මැණික් පොකුරේ වටිනාකම පිලිබදව විශාල අර්බුධයක්





කිලෝ 55ක් බරැති මැණික් පොකුරට මිල තක්සේරු කිහිපයක්ම   ඉදිරිපත්ව ඇති අතර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ කියා සිටියේ මෙම මැණික් පොකුර රුපියල් කෝටි දෙදහසක් පමණ වටිනා බවයි 


නමුත් මැණික් පිළිබද විද්වතුන් ඊට වෙනස් මතයක් දක්වා සිටි. ඒ අනුව මැණික තක්සේරු කිරීමකින් තොරව මිල ගණන් නියම කිරීමෙන් විශාල අර්බුදයක් ඇති වී තිබේ . චීනයේ පැවැත්වෙන මැණික් වෙන්දේසියට මණික ගෙන යම් සදහා වන් යානයක් පවා සුදානම් කර ඇත.

මැණික් පොකුර නිසි ලෙස තක්සේරු නොකර මිල ගණන් පැවසීම විහිළුවක් බව බන්ධනාගාර පුනරුත්ථාපන සහ කළමනාකරණ, ස්වර්ණාභරණ හා මැණික් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.  

විදේශ රටවල් ගණනාවක්ම මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් තමන්ගෙන් කරුණු විමසූ බවත් මෙයාකාරයට මිලගනන් නියම කර ඇත්තේ කාගේ අවශ්‍යතාවයක් මත ද යන්න තමාට ප්‍රශ්නය බවත් ඔහු තව දුරටත් පැවසීය.

එමෙන්ම  සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් සිදුකර ඉන් පසු වටිනාකම ප්‍රසිද්ධියට පත් කරන බවද ඔහු සඳහන් කරයි. 
 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us