Helabima

හරක් ඇටකටු පෙන්නා නෑයින්ගේ බව කියමින් කනත්තක උද්ගෝෂණයක්






පුඩළුඔය නගරයේ ඉදි කිරිමට යෝජිත නව බස්නැවතුම්පොලට සහ සතිපොළ භුමියට පිවිසෙන මාර්ගය සකස් කිරිම සදහා  පුඩළුඔය පොදු සුසාන භුමියේ කොටසේ ඩොසර් කර මාර්ගය සකස් කිරිම හේතුවෙන් පුඩළුඔය ප්‍රදේශයේ ගම්මාන 04 ක ප්‍රදේශවාසින් (30) දින පස්වරුවේ එම පොදු සුසාන භුමියේදි උද්ඝෝෂණයක නිරත විය.

ඩොසර් කිරිම හේතුවෙන් එම පොදු සුසාන භුමියේ මිහිදන් කල තම ඥාතින්ගේ සොහොන් විනාශ වි ඇති බවත්, ඇතැම් මෘත දේහයන් වල අස්ථි කොටස් පවා පොළව මතුපිටට පැමිණ ඇති බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි එම ගම්වාසින් කියා සිටින්නේ. 

උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිම හේතුවෙන් එය පාලනය කිරිමට පුඩළුඔය පොලිසියේ නිලධාරින්ට මැදිහත් විමට සිදු විය.


පුඩළුඔය පොදු සුසාන භුමියේ කොටසක් ඩොසර් කර සොහොන් කොත් විනාශ කිරිම සම්බන්ධයෙන් ගම්වාසින් විසින් පුඩළුඔය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත

කොත්මලේ ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත ජයසුන්දර මහතා පවසන්නේ පොදු සුසාන භුමියට ආසන්නයේම ගව මස් අලෙවිසැලක් ඇති බවත්, එම ගව මස් වෙලදසැලෙන් ඉවතලන ගවයන්ගේ අස්ථි කොටස් කිහිපයක් තම මිය ගිය ඥාතින්ගේ අස්ථි කොටස් බවට උද්ඝෝෂකයන් පෙන්වන බවයි.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us