Helabima

විදෙස් ආයෝජකයන්ට වැට බදින මෙරට නීති ගැන රජයේ අවධානයට





ලංකා වාණිජ මණ්ඩලයට අලුතින් තේරී පත්වූ නිලධාරී මණ්ඩලය සමඟ ඊයේ  (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී  සාකච්චාවක් පැවති අතර  මෙරට ක්‍රියාත්මක ඇතැම් නීති - රීති හේතුවෙන් ආයෝජකයින් අධෛර්යමත්ව සිටින බවත් එවැනි බාධක ඉවත්කර ඩිජිටල්කරණය මගින් අක්‍රමිකතා සහ දූෂණ වළක්වාලමින් අපනයනය දිරිගැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාඑහිදී පැවසිය 


රජයේ වගකීම වන්නේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම බව පැවසූ ජනාධිපතිවරයා, තරුණ පරපුරට නව ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් ලෙස ඉදිරියට ඒමට අවස්ථාව උදාකිරීමේ අවශ්‍යතාවය ද පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ජනාධිපතිවරයා සමඟ පවසා ඇත්තේ එන්නත්කරණයත් සමඟ රට  සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට ඔවුන් සූදානම් බවය.

එමෙන්ම, එක්සත් රාජධානිය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹ, අපනයන අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව ද ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීහු එහිදී ජනාධිපතිවරයාට පෙන්වාදුන් බව එම නිවේදනයේ සඳහන් වේ.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us