Helabima

ලබන සතියේදී සහල් මිල වාර්තාගත අගයකින් පහලට





ලබන සතියේ  සම්බා සහ කීරි සම්බා මිල රුපියල් 50 ත්75 ත් අතර ගණනකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

රටේ සියයට අසූවක් පමණ ජනතාවක් පරිභෝජනය කරන නාඩු සහල් මිල රුපියල් 100ට අඩු මට්ටමකට ගෙන එන බව ද අලුත්ගමගේ මහතා කීය.

වී මිල සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමග එකගතාවයකට පැමිණි අයුරින් ලබන සතියේ දී සහල් මිල සම්බන්ධයෙන්ද ගිවිසුම් අත්සන් කරන බව කී අලුත්ගමගේ මහතා මේ අනුව ඉතිහාසයේ පළමුවරට හාල් මිල පාලනය සඳහා ආණ්ඩුව සක්‍රීයව දායක වන බවද සඳහන් කළේය.

සහල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාල සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us