Helabima

පිහිඹිය කොළ අතරේ සැගවුණු මාරයා අයෙක් බිලි ගනී





කලක පටන් බේරුවල,බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙපිරිසක් අතර ගසකින් වැටෙන කොළ සම්බන්ධයෙන්ර  පැවති  ආරවුලක් අතර තුර    ඇදඳවැටී බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ දෙදරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


එක් වත්තකින් අනිත් වත්තට වැටෙන පිහිඹියා ගසක කොළ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් එක් පාර්ශවයක අයකු මියගිය අය තල්ලු කිරීමේ දී යාබද තාප්පයේ වැදී වූ තුවාල හේතුවෙන් බේරුවල රෝහලට ඇතුළත් කර අනතුරුව කළුතර නාගොඩ රෝහලේදී අද  අළුයම මියගොස් ඇතැයි පරීක්ෂණ සිදුකරන බේරුවල පොලිසිය කියයි .

මෙම සිද්ධියට සම්බන්ධ මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකරු බෝට්ටු මුරකරුවකු බවත් පොලිසිය කියයි . සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි ද කියයි .

 







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us