Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

කොරෝනා වසංගතය අතරෙ සුරූපී නිළි කාන්චනා මෙන්ඩිස් එංගලන්තයේ තනි වෙයි..





ලංකාවේ දක්ශතම හා සුරූපී නිළියක වන කාන්චනා මෙන්ඩිස් දැන් ජීවත් වන්නේ එංගලන්තයේ යි

ගිරිකුල ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලින් අවසන් වරට ප්‍රේක්ශකයන් අතරට ආ ඇය අද සිය උපන්දිනය සමරන්නීය

 දරුවන් තිදෙනෙකුගේ ආදරනීය මවක් වන කාන්චනා කොරෝනා සමයේ එංගලන්තයේ සිය අත්දැකීම් මෙසේ ප්‍රකාශ කලාය


"මේ වසංගතය මුලින්ම යුරෝපා රටවල පැතිර යනවා කියලා ආරංචි වෙනකොටම අපි දැනගත්තා එංගලන්තයටත් එයි කියලා. ඒ වගේම ආවා. ඒ භයානක අත්දැකීම කියන්න හරි අමාරුයි. ලංකාවේ නම් අපි ඔක්කොම එකට ඉන්නේ. මොන දේ වුණත් අපි වටේ අපේ අය ඉන්නවා. මේ රටේ අපි හැමෝම තනියම ඉන්නේ. මගේ ලොකු අක්කා මෙහෙ හිටියාට ටිකක් දුරින් ඉන්නේ. ඒ අත්දැකීම ලොකු බයකින් වින්දේ. මෙහෙ වසංගතය නිසා දිනකට මියයන ප්‍රමාණයත් වැඩි වුණා. 1500 – 2000 අතර ප්‍රමාණයකට වැඩි වුණා. මගේ අම්මා ලංකාවේ ඉන්නේ. එයාලා හරිම බයෙන් හිටියේ අපි ගැන. දැන් ඒකම අපිට අනිත් පැත්තට දැනෙනවා ලංකාව ගැන. වැක්සින් කරපු ඉක්මණින් වසංගතය තත්ත්වය සමනය වෙමින් පවතිනවා. මේ කාලේ ලංකාවේ හිටියා නම් හොඳයි කියලා සමහර දේවල් දැක්කාම මට දුක හිතෙනවා. මගේ රට කොච්චර උතුම් රටක්ද, ඉතිහාසය ගත්තාම වෙනත් දියුණුවෙන රටවල් ලංකාවේ දිහා බලාගෙන හැදෙන්න ගත්තා. මම ජීවිතයේ ගොඩක් දේවල් කොරෝනා වසංගතයක් එක්ක අධ්‍යයනය කරන්න පටන් ගත්තා. මොකක්ද මේ අපේ ජීවිතය, අපි හැමදාම මෙතන ඉන්න ඇවිල්ල නැහැ. දවසක අපි මේ හැමදේම නැති කරගෙන යනවා. මිනිස්සු හරිම තරගකාරී. මේ වසංගතය නිසා තරගකාරීබවට වඩා මනුස්සකම වටිනවා කියන එක තේරුණා. මම රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් පසුගිය කාලේ තිරගත වුණා. ඒ “සෙනහසක සිහිනය”. ඒ චිත්‍රපටය මම රඟපාද්දී මට අවුරුදු විසිදෙකයි. ඒක හරිම ලස්සන චිත්‍රපටයක්. ඒක දෙමළ අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක්. ඉන්දියාවෙන් ලොකු කාර්ය මණ්ඩලයක් ආවා චිත්‍රපටයට. මට ඒක හොඳ අත්දැකීමක්. ඒක මගේ ලස්සනම කාලයක්. "







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'