Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

සුරක්ශා මගඩියට ඔබේ දරුවාත් අහු උනා ද





2019 වසරේ දෙසැම්බර් මස සිට පසුගිය වසරේ මැයි මස දක්වා වූ මාස හයක කාලයක් සඳහා සුරක්ෂා රක්ෂණාවරණය භාරව කටයුතු කළ පෞද්ගලික රක්ෂණ සමාගම රුපියල් කෝටි තිහක් පමණ වන ප්‍රතිලාභ ගෙවීම් පැහැර හැර තිබේ


මෙම ප්‍රතිලාභ ඉල්ලීම් ඇතුළත් අයැදුම්පත් හයදහසක් පමණ මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගොඩගැසී තිබේ
එම අයැදුම්පත්වලට අනුව රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමෙන් පසු ඉදිරිපත් කෙරෙන බිල්පත් සඳහා අමාත්‍යාංශය ගෙවීම් සිදු කරයි. මේ දක්වා එම බිල්පත් අමාත්‍යාංශයට ලැබී නැත

අයැදුම්පත්වලට අදාළව ප්‍රතිලාභීන් දිනපතාම අමාත්‍යාංශය ඇමතීම මෙන් ම අමාත්‍යාංශයට පැමිණ විමසීම් කිරීම ද මේ වන විට බරපතළ ගැටලුවක් වී ඇත. මෙම ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබේ.

පසුගිය වසරේ මැයි මසට පසු දැන් සුරක්ෂා රක්ෂණාවරණය ක්‍රියාත්මක කෙරෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය යටතේ ය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'