Logo
2021 ජූලි මස 31 වැනි සෙනසුරාදා

සංචරන සීමා කඩමින් තවත් සාදයක්. තලවාකැලේ නගරසභා සභාපති ඇතුලු 7 ක් දැලේ



ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරන තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති පි.භාරතිදාසන් මහතා ඇතුළු 07 දෙනෙකු (20) දින පස්වරුවේ තලවකැලේ ඉහල කොත්මලේ ජලාශය ඉහලින් පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක සාදයක් පවත්වත්දී අත්තඩංගුවට ගෙන ඇත 119 ට ලැබුනු ඇමතුමක් අනුව පොලිසිය එම ස්ථානයට යන අවස්තාවේ සාදයට සහභාගි වි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති බවත් නගර සභාවට අයත් කැබ් රථයත් පොලිස් භාරයට ගත් බවත් තොරතුරු ලැබි ඇත. තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ සෙසු 06 දෙනාට එරෙහිව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවත්, එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කිරිමට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දි ඇති බවද තලවකැලේ පොලිසිය පැවසිය.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'