Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

නිරෝධනය නීති කැඩූ කටුගස්තොට නේවාසිකාගාරයේ කොරෝනාවට බිය වූ සේවිකාවට ප්‍රහාරයක්



මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු තවත් සිසුන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද (16) තහවුරු විය. මෙම ආයතනයේ සේවය කළ පීසීඅර් පරීක්ෂණයෙන් වෛරසය ආසාදිත නොමැති බවට තහවුරු වූ සුළු සේවිකාවකට අද එම ආයතනයේ කළමනාකාරිය පහරදී ඇති බව හෙළිවිය ඒ තමාට නිවසට යෑමට අවස්ථාව දෙන්නැයි එම සුළු සේවිකාව, කළමනාකාරියගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදීය. සේවිකාවගේ දරුවන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව කටුගස්තොට පොලිස් නිලධාරීන් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරියට අවවාද කර ඇත.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'