Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

රොනල්ඩෝ ගෙ ප්‍රතික්ෂේප කිරීම් හමුවේ කොකාකෝලා සමාගමට ඩොලර් බිලියන ගණනක කඩාවැටීමක්



පසුගියදා යුරෝ 2020 පාපන්දු තරගාවලියේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් කොකාකෝලා බෝතල් දෙකක් ඉවත් කර වතුර බොන්න යැයි ප්‍රේක්ශකයන්ට පැවසූ ආන්දෝලනාත්මක සිද්ධිය නිසා කො⁣කාකෝලා සමාගමේ වෙළඳපල වටිනාකම  ඇමරිකානු ඩොලර් බිලියන 4 කින් පමණ පහත වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රොනාල්ඩෝගේ මෙම ක්‍රියාවෙන් පසු කොකාකෝලා හි කොටස් මිල ඩොලර් 55.22 ක් දක්වා 1.6% කින් පහත වැටුණි. වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 242 සිට ඩොලර් බිලියන 238 දක්වා පහළ ගියේය. එය ඩොලර් බිලියන 4 ක පහත වැටීමකි.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'