Logo
2021 ජූලි මස 31 වැනි සෙනසුරාදා

දුප්පත් දරුවෙක් හදාගන්න අරං අවුරුදු 5 ක් තිස්සේ ලිංගික අතවර කල මහල්ලා දැලේ



පුත්තලම, මදුරන්කුලියේ පදිංචි ව සිටි මව අතහැර ගිය දරුවෙක් පියා විසින් අධ්‍යාපනය ලබාදී හදා වඩා ගැනීම සඳහා තලවතුගොඩ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුට භාරදී තිබුණි. දරුවා වස්‍ර 5 ක් තිස්සේ අපයෝජනය වී තිබේ ඒ අතුරතුර තවත් දරුවෙකු සොයාදෙන ලෙස තලවතුගොඩ පදිංචි පුද්ගලයා කළ ඉල්ලීම අනුව මදුරන්කුලියේ තම මිතුරෙකුගේ වයස අවුරුදු 14ක් වන තවත් පිරිමි දරුවෙක්ව එම පුද්ගලයාට භාරදීමට පලමු දරුවාගේ පියා කටයුතු කර තිබේ. එම දරුවා ඔහුගෙන් මිදී පළායෑමට සමත් විය. ඒ අතරතුර පළමුව භාර දුන් දරුවා තමන්ට විඳීමට සිදුවන ලිංගික රහසිගතව පටිගත කර දෙවැනි දරුවාගේ ජංගම දුරකථනයට යොමු කර තිබුණි. තම දරුවාට සිදුවූ අතවරය පිළිබඳව දරුවාගේ පියා ඊයේ (15) තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, දරුවා සහ භාරකරු ඒ අනුව පොලිසියට කැඳවනු ලැබීය. එමෙන්ම වසර 5ක පමණ කාලයක් මෙම දරුවා ව අපයෝජනය කළ බව පැවසෙන 50 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තලංගම පොලීසිය කටයුතු කළේය.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'