Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

රටම බලා සිටි වෙනසක් සිදු කරමින් කොරෝනා මරණ වාර්තා ගැන අලුතින් ම ගත් තීරණය ..



මින් ඉදිරියේදී කොරෝනා මරණ මාධ්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කර ඇත. ඒ අනුව පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේ දී වාර්තා කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මීට ප්‍රථමව වාර්තා කළ පසුගිය දිනවල සිදුවූ මරණ මෙම නව ක්‍රමවේදය වටතේ නැවත වාර්තා නොකරණු ඇත. 'මීට ප්‍රථම අපි විසින් දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල මරණ ඇතුළුව සමස්ථ මරණ. නමුත් අපි අද දින සිට කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදුවෙන මරණ සියල්ලම ඒ දිනයේදී වාර්තා වන ලෙසයි. ඒ අනුව දිනයක් ඇතුළත සිදුවෙන සියලුම මරණ වාර්තා කරන්න අපි දැන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒ අනුව පැය 48ත් පැය 24ත් තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේදී අපි වාර්තා කරන්න කටයුතු කරනවා.' යැයි ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'