Logo
2021 ජූලි මස 31 වැනි සෙනසුරාදා

ආදාහනයටත් මුදල් හරස්වී කොරෝනා ආසාධිත දේහය එලියට ඇද දමා ප්‍රභූ දේහය ආදාහනය කරලා



 කොරෝනා ආසාදිතව මියගිය 93 හැවිරිදි කාන්තාවගේ සිරුර ආදාහනය කිරීමට රෝහල් ගිලන් රථයෙන් පැමිණ ආදාහනාගාරයේ තැන්පත් කර තිබියදී ඉහළින් ආ දැනුම්දීමක් මත ආපසු පිටතට ගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ වෙනත් මළසිරුරක් ආදාහනය කර ඇතැයි මතුගම පාන්තිය ආදාහනාගාරයෙන් වාර්තා වෙයි. සෞඛ්‍ය සේවකයන් මල් ශාලාවකට අයත් ප්‍රභූ අවමංගල රථයකින් ගෙන ආ එම මළසිරුර ආදාහනය කිරීම සඳහා කොරෝනා මළ සිරුර නැවත පිටතට ගෙන ගිලන් රථයේ තැන්පත් කර තිබේ මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසරණ වී ඇත්තේ ඔවුනට ඉහළින් පැමිණ තිබූ නියෝගයක් හේතුවෙනි. සෞඛ්‍ය සේවකයන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් මළසිරුර ගිලන් රථයේ ඒ තැන්පත් කර තිබීමෙන් ගිලන් රථය තවත් සේවයක් සඳහා යොදා ගැනීමට තිබූ අවස්ථාවක් මඟ හැරී ගිය බවයි.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'