Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

ශෙහාන් සේමසිංහ මහතා බලාපොරොත්තු නොවූ සිදුවීමකට මුහුණ දෙයි



තමා මේ අවස්තාවේ  ඉන්ධන මිල ඉහළ යෑමක් කිසි සේත්ම බලාපොරොත්තු නොවූ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.  අනුරාධපුර දී මාධ්‍යවේදීන් ඇමතූ ඒ මහතා මෙසේ අදහස් දැක්වූවා 'අපි මේ වෙලාවෙ බලාපොරොත්තු වුණේ නෑ ඉන්ධන මිල ඉහළ යෑමක්. හැබැයි අපි දන්නවා අනිත් පැත්තෙන් ආර්ථිකමය වශයෙන් පවත්වාගෙන යන්න තියෙන ගැටළු. ඉතිං ඒ ගැටළු වෙනුවෙන් රජයක් තීන්දුවක් අරන් තියෙනවා. ඒක සම්බන්ධයෙන් අදහස් මහලේකම්තුමා ප්‍රකාශ කරලා තියෙනවා. මේකෙ බලාපොරොත්තුව වෙන්නෙ ඒ ගත්ත තීන්දුව නැවත සමාලෝචනයක් කරන්න පුළුවන්ද කියන කාරණාව තුළ අපි ගමන් කිරීම.  ඉතිං ඒ හින්දා විෂය බාර ඇමතිවරයා ගත්ත තීන්දුවකට ඒ තීන්දුව නැවත වෙනස් කිරීමක් කරන්න පුළුවන්ද කියලා සාකච්ඡාවක් කළයුත්තේ විෂය බාර ඇමතිවරයා තුළමයි. ඉතිං ඒ අදාළ විෂය බාර ඇමතිතුමා ඒක ඉදිරියේදී තීන්දුව වෙනස් කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව පිළිබඳ නැවත සමාලෝචනයක් අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සිදුකරලා රටට යහපත් තීන්දුවක් ලබාදීමට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා' 






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'