Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

ඉන්දීය තරුණ තරුණියන් මිලියන ගණනක් අතරමං කරමින් මෝදි ගත් තීරණය



ඉන්දියාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වන සිසුන් තෝරා ගන්නා තරග විභාගය කොරෝනා වසංගතය හේතුවෙන් දෙවරක්ම කල් දැමූ අතර හදිසියේම එය අවලංගු කර තිබෙන බව නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිනුමේ සටහන් කර තිබේ මේ  ප්‍රකාශයට සමග විමතියට හා කැළඹීමට පත්ව වූ බවයි මෙවර විභාගයට මුහුණදීමට සූදානම්ව සිටි සිසුන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ. වසංගත තත්වය මධ්‍යයේ, විවිධ බාධා හමුවේ අන්තර්ජාලය හරහා ඉගෙනුම් කටයුතු සිදුකළ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇති අතර අනාගතය පිළිබඳව තමන්ගෙන්ම ප්‍රශ්න කරමින් සිටින බවයි ඔවුන් පවසන්නේ. මෙවර විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාර ගන්නේ කෙසේද, විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටි විභාග අපේක්ෂකයන් ඇගයීමට ලක් කරන්නේ කෙසේද යන ගැටලු පිළිබඳව විසඳුම් සොයා ගැනීමට තමන් අපොහොසත් වී ඇති බවද ඔවුන් පවසනවා.






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'