Logo
2021 අගොස්තු මස 1 වැනි ඉරිදා

හිරකරුවන්ටත් සූම් තාක්ශනයෙන් ඥාතීන් ඇමතීමේ අවස්ථාව



සූම් තාක්ෂණය ඔස්සේ සිරකරුවන්ට ඔවුන්ගේ ඥාතීන් සමඟ කතා බහ කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. වැලිකඩ, අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර ඇතුළු බන්ධනාගාර 06ක මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියම්තයි මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය වරයා මෙසේ පැවසීය 'පවතින තත්ත්වයත් සමග අපි සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන්ට සිය ඥාතීන් සමග සම්බන්ධවීමේ අවස්ථාව සකස්කරලා දීලා තියෙනවා. ඒ වගේම අපගේ වෙබ් අඩවියට ගිහින් සිරකරුවගේ නමයි අංකයයි ඇතුළත් කළාම අපි නම්බරයක් සහ වෙලාවක් ලබා දෙනවා. ඒ වෙලාවට ආපුවාම සිරකරු සමග කතාබහ කරන්න ඒ ඥාතියට අවස්ථාව තියෙනවා.' 






Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'