Logo
2021 ජුනි මස 23 වැනි බදාදා

කොරෝනා හේතුවෙන් තවත් ගැබිණි මවක් මියයයි





කොවිඩ් ආසාදිතව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි ගැබිනි මවක් අද මියගොස් ඇත.තිස්සමහාරාම, ශ්‍රී ජිනරතන මාවතේ පදිංචිව සිටි මුතුකුඩ ආරච්චිගේ නිරෝෂි නැමති 35 හැවිරදි තිදරු මවක් මෙසේ මියගොස් ඇත.

එය මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සිව්වන ගැබිනි කාන්තා මරණය වේ.

ඇයගේ කුසේ සිටි මාස 8ක් වන බිළිඳිය ද මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පැවසුවේ මෙම ගැබිණි කාන්තාවටත් ඉකුත් 5 වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා දෙබරවැව රෝහලට ඇතුළත් වී ඇති බවත්, එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බවත්ය.

ඉන්පසු ඇයව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇතැයි ද ඔහු පැවසීය. ඇගේ සැමියා ද කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර සඳහා අම්බලන්තොට රෝහලටත් ඇතුළත් කර තිබේ.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'