Logo
2021 ජුනි මස 23 වැනි බදාදා

අවුරුදු 60ට වැඩි අයටත් සයිනොෆාම් කොවිඩ් එන්නත





වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා චීන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා කොවිඩ් මර්දන කාර්යය සාධක බලකාය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.ඇය පවසන්නේ සයිනොෆාම් එන්නත් තොග ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත බවය.

"හැමෝම තමන්ගේ ජීවිතේට අදරෙයිනේ. ඉතින් කොහොමහරි බලන්නේ පොරකාලා හරි එන්නත ලබාගන්න. එන්නත් සීමිතයි. දැනට සයිනොෆාම් එන්නත දෙන්නේ අවුරුදු 30-60 අතර අය‍ට. අද තීරණය කළා 60ට වැඩි කිසිදු සංකූලතාවයක් නැති වැඩිහිටියන්ටත් සයිනොෆාම් එන්නත ලබාදෙන්න. එහි දෙවැනි මාත්‍රාව සති 4න් ලබාදිය යුතුයි".
 

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා මාත්‍රා 600,000ක පමණ හිඟයක් ඇති බව ඇය පැවසුවාය. 

එම අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබාදීමට රටවල් කිහිපයක් එකඟතාව පළකර ඇති බවද ඇය කීවාය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'