Logo
2021 ජුනි මස 21 වැනි සඳුදා

අගමැතිතුමන්ගේ දුරකථන ඇමතුමට චිනය ක්ෂණිකව ප්‍රතිචාර දක්වයි





මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන් චීන රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් චීනය විසින් ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර් දස දහසක් ඇතුළු අති විශාල වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි.

දැනටමත් සිනොෆාම් එන්නත් මිලියන 0.6 ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර, නුදුරේදී තවත් එවනු ඇත.

ඒ අතර චීනය විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය එන්නත් ශ්‍රී ලංකාවේ නිපදවීමට සැලසුම් කරන බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. ට්විටර් ජාලය ඔස්සේ අදහස් පළ කරමින් එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එන්නත් ලබාදීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවයි.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'