Logo
2021 ජුනි මස 23 වැනි බදාදා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක්





රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පස්වරුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ දී පැවැත්විණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන එහි ප්‍රධාන නිලධාරීන් වන වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය හරිත අලුත්ගේ, වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය චන්දික එපිටකඩුව, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු, වෛද්‍ය සමන්ත ආනන්ද, වෛද්‍ය එච්.එන්.ද සොයිසා යන මහත්වරු ඊට එක්ව සිටියහ.

කොරෝනා ව්‍යසනය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගත් අතර මේ ව්‍යසනකාරී අවස්ථාවේ විපක්ෂ නායකයා ලෙසත් විපක්ෂය ලෙසත් වගකීම් සහගතව කටයුතු කරන ආකාරය පිළිබඳව ඔවුන්ගේ ප්‍රසංසාව සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය.

විදේශීය තානාපතිවරු සහ රාජ්‍යතාන්ත්‍රික පිරිස් හමුවූ අවස්ථාවල රටට අවශ්‍ය සෞඛ්‍යමය උපකාර ලබා දෙන ලෙස තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව විපක්ෂ නායකතුමා පැවසීය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාද එක්ව සිටියේය.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'