Logo
2021 ජුනි මස 23 වැනි බදාදා

මංගල උත්සව හා ප්‍රියසාද පිළිබද හමුදාපතිගෙන් නිවේදනයක්





තහනම් කරන ලද ප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම ද තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

“උත්සව පැවැත්වීම, සාද පැවැත්වීම හා මංගල උත්සව වුනත් හෙට දිනයෙන් පස්සේ, පැවැත්වීම අපි තහනම් කරලා තියෙන අවදියක අපිට වාර්තාවෙනවා සමහර ප්‍රදේශවල මෙවැනි උත්සව නිවෙස්වල පැවැත්වීමට කටයුතු කරගෙන යන බවට. අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි උත්සව කුමන ස්ථානයක හෝ කිරීම තහනම් කරන්න හේතු වුණේ රටේ පවතින කොවිඩ් තත්ත්වය මත. යම් අයෙක් එවැනි උත්සව තම නිවසේ පවත්වන කටයුතු කිරීම තුළින් කොවිඩ් පැතිරීමේ අවදානමක් තියෙනවා.“

ප්‍රිය සම්භාෂණ හෝ උත්සව සංවිධානය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.







Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'