Logo
2021 මැයි මස 14 වැනි සිකුරාදා

විජේදාස රාජපක්ෂ කියන්නෙ බරපතල මුසාවාදයන් - ජාතික සංවිධාන එකමුතුව





ජාතික සංවිධාන එකමුතුව අද (18) රාජගිරියේ පිහිටි සිය මූලස්ථානයේදී මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ විජේදාස රාජපක්ෂ මහතා පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන බරපතල මුසාවාදයන් ප්‍රචාරය කිරීමට දායකත්වය සපයන බවයි.

එහිදී වසන්ත බංඩාර මහතා අවධාරණය කර සිටියේ පෝට් සිටි ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස සිදුවනවාය යන කාරණය මනාව තහවුරු වන්නේ ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය, මෙම ව්‍යාපෘතියට අදාලව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙනවාය යන කාරණය ප්‍රචාරය වූ වහාම දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් බවයි. වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දුන්නේ එම රටවල් කිසිම විටක අප රටේ ආර්ථික ස්වාධීනත්වය තහවුරු වන කිසිදු ව්‍යාපෘතියකට අතීතයේදී ආශිර්වාද පළ නොකළ බවයි. ඒ අනුව විජේදාස රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීමේ අරමුණු ඇතිව සමහර අදේශපාලනික හැසිරීම් වල නියැලෙන බව තහවුරු වන බවද පවසා සිටියේය.

විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමතිවරයාව සිටිද්දී පැයක් ඇතුලත පනත් හතලිස් ගනණක් සම්මත කිරීම මෙන්ම රණවිරුවන් ජාත්‍යයන්තර අධිකරණයට දැක්වීමට අදාල වන පනත් හතරක් සම්මත කිරීමට දායකවූ අයෙකු බවද සිහිපත් කළ වෛද්‍යය වසන්ත බංඩාර මහතා විජේදාස රාජපක්ෂ මහතා හිතාමතා ජනතාව නොමඟ යවන බවද අනාවරණය කළේය.

මෙම පෝට් සිටි ව්‍යාපෘතියට විරුද්ධව ඇමරිකාව සහ ඉන්දියාව ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේත් කටයුතු කරණ බව කවුරුත් දන්නා බවත් පෝට් සිටිය මුදල් විශුද්ධිකරණ නගරයක් බවට පත්වේයැයි ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කළ ද මුලු ඇමරිකාවම මුදල් විශුද්ධිකරණ දේශයක් මෙන්ම එහි උපත සහ ප්‍රචලිත කිරීම තිබෙන්නේ ඇමරිකාවේම බවත් ඔහු පවසය්

ජාතික සංවිධාන එකමුතුවේ කණ්ඩායමට ඇති පූර්ව අත්දැකීම් අණුව ඉන්දියාවත් ඇමරිකාවත් යම්කිසි දෙයකට පක්ෂපාතී වන්නේ නම් හැමවිටම ඒ දෙස සැකයෙන් බැළිය යුතු වන අතරම ඉන්දියාවත් ඇමරිකාවත් යම්කිසි දෙයකට විරුද්ධ වන්නේ නම් මුලින්ම එයට පක්ෂපාතීව ඒ දෙස බැලීම කණ්ඩායමේ භාවිතාව බවත් ඔහු වැඩිදුරටත් පවසයි. ඒ තුළ යම් යම් අඩුපාඩු පවතින්නේ නම් එය නිවැරදි කරගැනීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.

පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැඹුරින් කළ අධ්‍යයනයට අණුව මේ දූපත ශ්‍රී ලංකා රජයත් චීන ව්‍යාපාරික ආයතනයත් ගිවිසුම්ගතව නිර්මාණය කිරීමේදී එම චීන ව්‍යාපාරික ආයතනය ශ්‍රී ලංකා මුහුදෙන් වැලි මෙට්‍රික් ටොන් මිලියන 100 පොම්ප කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් වියදම් කර ඇති බවත් එම වැලිවල වටිනාකම එමෙන් දෙගුණයක් බවත් මෙම දූපතේ විදේශ ආයෝජන ක්‍රියාවළිය කඩාකප්පල් කිරීමකින් තොරව ඉදිරියට යායුතු වන අතර එය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම බරපතළ වරදක් බවත් ඔහු පෙන්වාදෙයි.

මෙම දූපතේ හෙක්ටයාර 116ක් බදු පදනමින් චීන සමාගමට අයත් වන අතර ශ්‍රී ලංකාවට හෙක්ටයාර 62ක් අයත් වෙයි. උද්‍යාන, මාර්ග සහ සෙසු පොදු භූමිය ශ්‍රී ලංකා රජය මගින් පාළනය වේ. චීන සමාගමට අයත් හෙක්ටයාර 116ට ඔවුනට ඇත්තේ බදු අයිතියක් පමණි. මෙම පණතින් පිහිටුවන කොමිෂන් සභාව මගින් එහි ආයෝජනයන් නියාමණය කිරීම සිදුවන බවත් ඒ නිසා මින් චීන කොළනියක් ඇතිවන බවට කරණ ප්‍රකාශ බොළඳ ප්‍රකාශයන් වේ.

පසුගිය රජයේ ජනාධිපතිතුමා විසින් මෙම භූමිය කොළඹ නගරයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කරමින් පළමු ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඉන් පසු එම භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම ද කර ඇත. ඉන් පසු එවකට නාගරික සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඉන් පසු හෙක්ටයාර 116ක් පමණක් 99 අවුරුදු බදු පදනමින් චීන සමාගමට ලබාදී තිබේ.

ඒ අනුව චීන සමාගමට හැකි වන්නේ එම හෙක්ටයාර 116 වෙනත් සමාගම් සඳහා නැවත බදු දීමක් පමණක් වන අතර වෙනත් අයිතියක් ඔවුනට හිමි නොවේ.

මෙම ගැසට් නිවේදනයන් අධ්‍යයනය කරණ විට විජේදාස රාජපක්ෂ මහතාගේ පළමු ප්‍රකාශය බොරුවක් බව හෙළිවෙයි. 1934 දෙසැම්බර් 26 දින බළාත්මක කරණ ලද රාජ්‍යයන්හි අයිතීන් සහ වගකීම් පිළිබඳ මොන්ටිවීඩියෝ සම්මුතිය උපුටා දක්වමින් මෙතන වෙනම රටක් හැදෙන්න පුලුවන් යනුයෙන් ඔහු කළ ප්‍රකාශය ද ඉතා බොළඳ ප්‍රකාශයක් වන අතර වෙනම රටක් හැදීමට නම් එම භුමියේ පාරම්පරිකව පදිංචිව සිටි ජන කොට්ඨාශයක් සිටිය යුතුය. වීසා බළපත්‍රයකින් එම ස්ථානයේ පදිංචිව සිටින පුද්ගලයින් සිටි පමණින් වෙනම රටක් නිර්මාණය කිරීමේ පදනමක් ගොඩනොනැගේ.

ඔහු හිටපු අධිකරණ ඇමති වරයෙක් ලෙස කරණ මෙම ප්‍රකාශ පිළිබඳව බරපතළ ලෙස සලකා බැලීමට සිදුවෙයි.

කෙසේ වුවද රජය පැත්තෙන් මෙවැනි වැදගත් ව්‍යාපෘතියක් නීතිගත කිරීමේ පනත් සම්මත කිරීමේදී මීට වඩා මහජන සහභාගිත්වය ලබා ගැනීමට කටයුතු කළ යුතුව තිබූ බවද අවධාරණය කිරීමට වෛද්‍යය වසන්ත බංඩාර මහතා කටයුතු කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ පනත කාරක සභා අවස්ථාවට යොමු කළ විට සමාජයෙන් ඉදිරිපත් වන යම් යම් සාධනීය සංශෝධන පනතට ඇතුල් කිරීමට වග බලා ගැනීම ආණ්ඩුව පාර්ශවයේ වගකීමක් බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'