Logo
2021 මැයි මස 10 වැනි සඳුදා

අපි බලයට ආවේ රනිල් වික්‍රමසිංහලාගේ ප්‍රතිපත්ති කරේ තියාගෙන යන්න නොවෙයි





69 ලක්ෂයක මෙරට ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති කර වූයේ එතෙක් පැවති ‍ප‍්‍රතිපත්ති රාමුව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයාමට නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එම ප්‍රතිපත්ති අත නොහැරීම නිසා පැවති ආණ්ඩුවට වසර හතර හමාරකින් බලය අතහැර යාමට සිදු බවත් හිටපු අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව පවා අහිමි වු බවත් ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුවට ලැබුණු ජනවරම සමග දේශපාලනික බැඳීමක් ගොඩනගා නොගතහොත් අත්‍යන්තයෙන්ම වැටෙන්නේ තක්කඩි දේශපාලන නායකයන්ගේ ගොඩට යයි ද ඔහු සඳහන් කළේය.

කොළඹ පැවති උත්සවයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'