Logo
2021 මාර්තු මස 7 වැනි ඉරිදා

අනුරාධපුර දිස්ත්‍රික් RMV කාර්යාලය තාවකාලිකව වසයි




මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් පවසන්නේ, කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මතු වූ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන එම කාර්යාලයේ මහජන සේවා සැපයුම් කටයුතු තාවකාලිකව අත්හිටවූ බවයි.

ආයතන පරිශ්‍රයේ සෞඛ්‍යාරක්ෂිත බව කඩිනමින් තහවුරු කර සේවාලාභීන් සඳහා දිස්ත්‍රික් කාර්යාලය කඩිනමින් විවෘත කිරීමට කටයුතු කරන බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දක්වා ඇත.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'