Logo
2021 මාර්තු මස 3 වැනි බදාදා

විශ්‍රාමිකයින්ගේ පෙත්සම සලකා බැලීමට දින නියමවේ





තමන්ට හිමිවිය යුතු විශ්‍රාම වැටුප් වර්ධක අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන මාර්තු මස 14 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

ඒ එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන් හමුවේ අද කැඳවු අවස්ථාවේදීයි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටියේ 2016.01.01 සහ 2019.12.31 දක්වා කාලසීමාව තුළ විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයින්ට හිමිවිය යුතු වැටුප් වර්ධකය ලබාදීම රජය විසින් අත්හිටුවා ඇති බවයි.

මේ තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් එබැවින් අදාළ විශ්‍රාම වැටුප් වර්ධක තමන්ට ගෙවන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අදාළ විශ්‍රාමික පිරිස විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'