Logo
2021 මාර්තු මස 5 වැනි සිකුරාදා

ගුවන් තොටුපළ විවෘත කළ පසු පළමු සංචාරකයින් පිරිස නෙදර්ලන්තයෙන්





වාණිජ ගුවන් ගමන් සඳහා මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසුව පළමු විදේශ සංචාරකයින් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයින් 10 දෙනෙකු ඊයේ මෙරටට පැමිණ ඇත.

නෙදර්ලන්ත ජාතික වැඩිහිටි පුද්ගලයින් 5 දෙනෙකු සහ කුඩා ළමයින් 5 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ. කේ. 648 නැමති ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඊයේ රාත්‍රීයේ පැමිණ ඇත.

 බහරේන් හි රැදී සිටි ශ්‍රී ලාංකික සේවකයින් 186 දෙනෙකු ද ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'