Logo
2021 මාර්තු මස 3 වැනි බදාදා

උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී





මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්යාලවලට ඇතුළත් කරගැනීමට ද පියවරගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද (17) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ලබන මාර්තු මාසයේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි.

ජුනි මාසය වනවිට එම විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'