Logo
2021 ජනවාරි මස 21 වැනි බ්‍රහස්පතින්දා

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට පියවර





වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ සිට වසා දැමීමට පියවර ගෙන තිබේ.

 එම ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් හා සෙසු සේවකයන්ටත් කොරෝනා පරීක්ෂණ අද දිනයේ සිදු කරමින් පවතී.

නැවත එම මධ්‍යස්ථානය විවෘත කිරීම ගැන තීන්දුව ගනු ලබන්නේ මෙම කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල ලැබුණු පසු සෞඛ්‍ය උපදෙස් මත බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'