Logo
2021 ජනවාරි මස 27 වැනි බදාදා

මොරටුවේදී යතුරුපැදියක ගැටී කුඩා දැරියන් දෙදෙනෙක් මරුට





ගාලු පාරේ මොරටුව, එගොඩඋයන ජෝසෆ් පෙදෙස පදික මාරුව මත ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් කුඩා දැරියන් දෙදෙනෙකු මියගොස් ගැබිණි කාන්තාවක් තුවාල ලබා ඇත.

 යතුරුපැදියක ගැටී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ මව සහ දැරියන් දෙදෙනා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී දැරියන් දෙදෙනො මියගොස් තිබේ.

බරපතල තුවාල ලැබු කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පැවසුවේ ය.

අනතුරින් මියගොස් ඇත්තේ, අවුරුද්දක් හා අවුරුදු 7 ක් වයසැති දැරියන් දෙදෙනෙකි.

ඔවුන් මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

අනතුර සම්බන්ධයෙන් 20 හැවිරිදි යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'