Logo
2021 ජනවාරි මස 27 වැනි බදාදා

මහර සිද්ධිය හේතුවෙන් මියගිය දෙදෙනෙකු හඳුනාගනී.





මහර බන්ධනාගාරයේ සිදුවූ කලහකාරි සිද්ධියෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

මෙලෙස හඳුනාගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව මහර රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි වත්තල සහ ජාඇළ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකුගේ මළසිරුරු ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, "මෙම මෘත ශරීර 11න් 2ක් මේ වනවිට හඳුනගෙන තියෙනවා. මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ජාඇළ සහ කිරිබත්ගොඩ පොලීසි මගින් රිමාන්ඩ් භාරයට පත්කර සිටි අය. එම මෘත ශරීර හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. මේ සියලු මෘත ශරීරවල ඇඟිලි සළකුණු ලබා ගැනීමක් සිදුකර තිබෙනවා. ඊට හේතුව හඳුනාගැනීම සම්බන්ධව නිශ්චිතම තොරතුරු ලබා ගැනීම. අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් මෙම මෘත ශරීරවල DNA පරීක්ෂණ සිදුකිරීම සඳහා සාම්පල ලබා ගැනීමටත් නියමිතයි. හඳුනා ගැනීම නිසැකවම තහවුරු කිරීම සඳහායි එම කටයුතු සිදු කරන්නෙ, " යනුවෙනි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'