Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

සත්ත්ව ඝාතනය පාලනයට ඇමතිගේ අවධානය




සත්ත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංග්‍රහය කඩිනමින් සංශෝධනය කරන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.
 අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විරසිංහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

හීලෑ අලි ඇතුන් නියාමනය සඳහා ද කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවාධානයට යොමුවූ අතර ඒ සඳහා වන අණ පනත් ද සංශෝධනයට නියමිතය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'