Logo
2021 ජනවාරි මස 27 වැනි බදාදා

එක්සත් ජාතීන්ගේ සංවිධානය කංසා අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් කරයි





මරිජුවානා, කැනබීස්,  ගංජා  ආදී විවිධ නම්වලින් හඳුන්වන කංසා අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබේ.

වියෙනා නුවර පැවති එහි වාර්ෂික සම්මේලනයේදී සාමාජික රටවල් අතර පැවති ඡන්දයෙන් 27 ට 25 ක් ලෙස ඊට අනුමැතිය හිමිවිය.

ඡන්දය පැවැත්වුණේ පර්යේෂණ සහ වෛද්‍ය භාවිතයට  කංසා  පුළුල් වශයෙන් යොදා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමකට අනුවයි.

කංසා , පර්යේෂණ හා වෛද්‍ය භාවිතය උදෙසා සංවර්ධනය කිරීමට පවතින බාධාවන් ඉවත් කළ යුතු බවට පසුගිය වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ඉදිරිපත් කරන ලදි.

හෙරොයින් ඇතුළු අනෙකුත් අනතුරුදායක මත්ද්‍රව්‍ය මෙන්,කංසා වලින් කැපී පෙනෙන මරණීය අවදානමක් නොමැති බවත්, දැඩි වේදනාව හා අපස්මාරය වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය යොදා ගත හැකි බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඳුනාගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'