Logo
2021 ජනවාරි මස 24 වැනි ඉරිදා

අ.පො.ස සාමාන්‍ය පෙළ මාර්තුවේදී





 2021 මාර්තු මාසය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට කටයුතු සකසමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

මෙම විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේදී ලබා දී ජූලි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

හැකිතාක් ඉක්මනින් අපේක්ෂකයින්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය රැකගනිමින් සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමේ හැකියාව සොයාබැලීම රජයේ ප්‍රයත්නය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'