Logo
2021 ජනවාරි මස 23 වැනි සෙනසුරාදා

කුරුණෑගල ව්‍යාපාරික ස්ථානයකින් ආසාදිතයින් 12 ක්





කුරුණෑගල මහ වීදියේ ව්‍යාපාරික ස්ථානයකින් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු පිළිබඳව අද හදුනාගෙන ඇත.

මීට පෙරද එක් ආසාදිතයෙකු වාර්තා වී තිබූ අතර මේ අනුව ආසාදිතයින් 12 දෙනෙකුම එම ව්‍යාපාරික ස්ථානයෙන් මේවනවිට වාර්තා වී තිබේ.කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ස්ථානයකින් එක් වර මෙතරම් කොරෝනා ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයවේ.

පසුගිය 30 වන දින කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් අද මේ බව හෙළි වී ඇත. 

මේවනවිට කුරුණෑගල මහ වීදිය සහ ඒ අවට අනෙකුත් වීදි ආශ්‍රිත ව්‍යාපාරික ස්ථාන වල සේවකයින් 42 දෙනෙකු ⁣කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

මේ පිරිසට අමතරව කුරුණෑගල තැපැල් ආසාදිතයින් හා සම්බන්ධ ආශ්‍රිතයන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

.    






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'