Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක තොරතුරු පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි





සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක් අක්‍රමවත් අයුරින් ලබාදීමට සුදානම් වන බවට අද පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සඳහන් කළේය.

එම චෝදනාව පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාල් කබ්රාල් මහතා පැවසීය.

මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින් බුද්ධික පතිරණ මහතා මෙසේ සඳහන් කළේය.

“රටේ සුරාව නිෂ්පාදනය පිළිබඳ බලපත්‍ර 27ක් තිබුණත් දැන් දෙකක් අවලංගු වෙලා 25ක් තියෙනවා. පස්දෙනෙක් තමයි සුරාව සම්බන්ධ බදු ආදායමෙන් සියයට 93-95ත් අතර ප්‍රමාණයකට වග කියන්නේ.  ඉතුරු 20 දෙනාම ලබා දෙන්නේ සියයට 5ක බදුවලට දායකත්වයක් විතරයි. ඒ නිසා එකේ යම් බදු වංචාවක් තිබෙනවා ද යන්න අංක එක. අංක දෙක සුවිශේෂි බලපත්‍රයක් සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් සුරාබදු නිෂ්පාදනයට බලපත්‍රයක් ඉදිරිපත් වුණාම ස්ථානීය පරීක්ෂණයක් කරනවා. මහජනතාවට ඒක ප්‍රසිද්ධ කරලා මහජනතාවගේ අදහස් ගන්නවා. මේ මොකුත් නැතිව ලබන සිකුරාදා හෝ මීට ආසන්න දිනයක ඒ බලපත්‍රය ලබා දෙන්න හදනවා කිසිම සොයාබැලීමකින් තොරව. එකේ තියෙන නරක තත්ත්වය. දේශීය වයින් වර්ගයක් ආකාරයෙන් තමයි නිෂ්පාදනය කරන්න හදන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලීටරයක රුපියල් 3200 වුණොත් මෙහෙම කළාම ඒකට එන්නේ රුපියල් 900ක විතර බද්දක්. ලීටරයක ලැබිය යුතු බද්දෙන් තුනෙන් එකයි ලැබෙන්නේ. ඒ පිළිබඳව ඔබ තුමාට හොයා බලා පරීක්ෂණයක් කළ හැකි ද?“






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'