Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

අද දිනයෙත් ආසාදිතයින් 350ක්





අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 350ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් සියලු දෙනා මීට පෙර වාර්තා වු කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,882ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ ආසාදියින් 487ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 18,304ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව රෝහල්ගත කොවිඩ් රෝගීන් ගණන 6,456ක් වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'