Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය දැලේ




රුපියල් එක් ලක්ෂ පනස් දහසක අල්ලසක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාව සඳහන් කළේ, පළමු වසරට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි.

පාසල් ක්‍රීඩා පිටියේදී අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන ඇත.

 අද සවස අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'