Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්





වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (03) උදෑසන 10 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත.

ඒ අනුව හෙට උදෑසන 10 සිට අනිද්දා (04) වන දා පෙරවරු 4 දක්වා හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව, මරදාන පාර,ඇළකන්ද සහ හැඳල මාර්ගයේ කොටසකට ජල සැපයුම අත්හිටවනු ලැබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'