Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

උතුරේ සියලුම පාසල් හෙට සිට දින දෙකක් වැසෙයි





උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය සඳහන් කළාය.

“බුරවී“ සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඇති හැකියාව මත සිදුවිය හැකි ආපදා තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර නැගෙනහිර පළාතේ සියලුම පාසල් අද (02) සිට වසා දැමීමට ඊයේ (01) තීරණය කෙරිණි.

මේ වන විට “බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතින අතර එය අද රාත්‍රී රාත්‍රී 7.00-10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'