Logo
2021 ජනවාරි මස 26 වැනි අඟහරුවාදා

මිල්ලණිය සහ මොරොන්තුඩුව පොලිස් ස්ථානවල 100කට ආසන්න පිරිසක් නිරෝධායනයට





මිල්ලණිය සහ මොරොන්තුඩුව යන පොලිස් ස්ථානවල නිලධාරීන් 100කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට යොමුකර තිබේ.

මෙම පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

පවතින තත්ත්වය තුළ මිල්ලණිය සහ මොරොන්තුඩුව යන පොලිස් ස්ථාන සඳහා වෙනත් පොලිස් නිලධාරීන් කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන තිබේ.

මේ අතර බන්ධනාගාර තුළින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1,099 දක්වා ඉහළ ගොස් තිබේ.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, ඉන් වැඩි පිරිසක් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වන බවය.

ඒ අතරින් 386 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙනුත්, 198 දෙනෙකු මහර බන්ධනාගාරයෙනුත්, 175 දෙනෙකු පැරණි බෝගම්බර බන්ධනාගාරයෙනුත්,157 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙනුත්,32 දෙනෙකු කුරුවිට බන්ධනාගාරයෙනුත්,46 දෙනෙකු මැගසින් බන්ධනාගාරයෙනුත් වාර්තා විය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'