Logo
2021 ජනවාරි මස 21 වැනි බ්‍රහස්පතින්දා

බන්ධනාගාර කොවිඩ් පොකුර 1000 ඉක්මවයි





බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා ගොස් තිබේ.

මහර බන්ධනාගාරය ආශ්‍රිතව නව ආසාදිතයින් 183 දෙනෙකු හඳුනාගැනීමත් සමග බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 1,091 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ අතරින් 119 දෙනෙකු සුවය ලබා ඇති බව සඳහන් වේ.

මේ අතර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය සඳහා යොමු කරසිටි රැඳවියෙකු ඊයේ රාත්‍රී ඉන් පළායෑමට උත්සාහ දරා තිබේ.

කෙසේවෙතත් බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා රැඳවියා පළායෑම වළක්වා ඇති අතර ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවෙකු බව වාර්තා වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'