Logo
2021 ජනවාරි මස 20 වැනි බදාදා

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේදී මැදපෙරදිග සිටින ලාංකිකයන්ට ප්‍රමුඛත්වය





 විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේදී මැදපෙරදිග සිටින ලාංකිකයන් වෙත ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන බව  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"කුවේට් රාජ්‍යයෙන් ඊයේ දිනයේත් ලංකාවට 326 දෙනෙකු පැමිණියා. අදත් 188 දෙනෙකු දෝහා කටාර් සිට රැගෙන ඒමට නියමිතයි. ලබන සතිය පුරාවට ශ්‍රී ලංකාවට රැගෙන එන ගුවන් යානා සම්බන්ධයෙන් අපි විදේශ අමාත්‍යාංශ හරහා ඒ ඒ තානාපති කාර්යාලවලට දැනුම්දීලා තියෙනවා. අපි ප්‍රමුඛත්වය ලබාදීලා තියෙන්නේ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් වෙතයි. ඒ රටවල සිටින අපේ ජනතාව බොහෝම අසීරු තත්ත්වයන්වලයි සිටින්නේ. සෞදි අරාබියටත් 30වැනිදා අපි ගුවන් යානයක් යැවීමට කටයුතු කරනවා. මැදපෙරදිගට වැඩි අවදානයක් යොමු කරලා සෙසු රටවල් සම්බන්ධයෙනුත් හැකි අයුරින් කටයුතු කරනවා.යනුවෙන් ද යුද හමුදාපතිවරයා තවදුරටත්   සඳහන් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'