Logo
2020 දෙසැම්බර් මස 5 වැනි සෙනසුරාදා

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි





ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය, තමා වෙත ලැබී ඇති බව කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

මෙහිදී අදහස් දැක් වූ කථානායකවරයා පැවසුවේ‍, පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 - 1 ව්‍යවස්ථාවට අනුකූල වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 -5 ව්‍යවස්ථාව අනුව, විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීමට අවශ්‍ය වන බවත්, පනත් කෙටුම්පතේ 3,5,14 සහ 22 වගන්ති පවතින තත්ත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග කිවයුතු 3වන ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව, ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවත්,එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනූකූලතාවය යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මඟින් ඉවත් කළ ගත හැකි බවත්, 5 වන වගන්තියේ ඇති අනනූකූලතාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මඟින් ඉවත් කර ගැනීමට කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව නිවේදනය කළේ ය






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'