Logo
2020 ඔක්තෝම්බර් මස 26 වැනි සඳුදා

ආරවුලක් සමථයකට පත්කිරීමට ගිය කාන්තාවක් මරුට





තලංගම, තලාහේන ප්‍රදේශයේ දී කාන්තාවක් පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා මියගොස් තිබේ.

එම ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් සමථයකට පත් කිරීමට එම ස්ථානයට ගිය ඇය මෙලෙස පහරකෑමට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අදාළ කාන්තාව කොස්වත්ත රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 60 හැවිරිදි තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'