Logo
2020 ඔක්තෝම්බර් මස 20 වැනි අඟහරුවාදා

කොළඹ - හැටන් මාර්ගය අවහිර වෙයි





ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ දී කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරළී ඒම හේතුවෙන් මාර්ගයේ‍ රථ වාහන ධාවනයට බාධා ඇතිව තිබේ.

“අද දෙරණ“ වාර්තාකරු පවසා සිටියේ, එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (24) උදෑසන 7 සිට ඇණහිට ඇති බවය.

තවත් ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැළවී ඒමේ අවධානම හේතුවෙන් හා ප්‍රධාන මාර්ගයට පෙරළී ආ ගල ඉවත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල මාර්ගය භාවිතා කරන ලෙස ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'