Logo
2020 ඔක්තෝම්බර් මස 21 වැනි බදාදා

ඊයේ දිනයට කොවිඩ් ආසාදිතයින් 39ක්





විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 39 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 3,234 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

කටාර් හි සිට පැමිණි 16 දෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 12 දෙනෙ, කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 06දෙනෙකු සහ මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස මෙලෙස හඳුනා ගෙන ඇත.

මීට අමතරව ඉතියොපියාවේ සිට පැමිණි අයෙක්,  තායිලන්තයේ සිට පැමිණි යුක්ක්‍රේන ජාතිකයෙකු සහ රතු මුහුද ආශ්‍රතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකු  ආසාදිතයන් අතර වේ.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 226 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 292ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් සහ විදේශිය නාවිකයන් 90 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'