Logo
2020 සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා

කොඩියේ ජාතික ලැයිස්තුවෙන් ඥානසාර හිමි පාර්ලිමේන්තුවට





‘අපේ ජන බල පක්ෂය’ (කොඩිය) සඳහා ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (07 වැනිදා* තීරණය කර ඇත.
 
 මහ මැතිවරණයට පෙර පැවැති එකඟතාවයන් අනුව මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව උන්වහන්සේගේ නම අපේ ජන බල පක්ෂයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 අපේ ජන බල පක්ෂය මෙවර මැතිවරණයේදී මුළු රටෙන්ම ඡන්ද 67,758 ලබාගත් අතර ඒ අනුව ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් හිමි විය.
 
 පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දැනට එම පක්ෂයේ මහලේකම් ධුරය හොබවන අතර ඉදිරියේදී පක්ෂ නායකත්වයට උන්වහන්සේව පත් පත් කිරීමට යෝජනාවක් ද ඉදිරිපත් වී තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'