Logo
2020 ඔක්තෝම්බර් මස 1 වැනි බ්‍රහස්පතින්දා

සම්පායෝ අත්අඩංගුවට ගත්තාද? බාර වූවාද ? -පොළීසිය සහ නීති අංශ යළිත් ගැටෙයි





අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (03) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් අනතුරුව හෙට (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝව ඊයේ (02) කුරුණෑගල “ශාන්ත ආනා විදුහල අසළ දී පස්වරු 3.35 ට පමණ අත්අඩංගුවට ගත්තේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ව අත්අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් බුද්ධි අංශ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව බවය.

අනතුරුව සැකකරුව මීගමුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් පසුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ආවේය.

මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර අධිකාරිවයාට සහ තවත් නිලධාරින් තිදෙනෙකුට චෝදනා එල්ල වී ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'