Logo
2020 සැප්තැම්බර් මස 27 වැනි ඉරිදා

දෙපාරක් අත සෝදන මැකෝගේ කෝවිඩ් මෙහෙයුම





සියලු ඡන්ද මධ්‍යස්ථාන කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීමක් සිදු නොවන ස්ථාන බවට සියයට සියයක් සහතික වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජනතාව මුහුණු ආවරණ පැළඳ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණිය යුතු බව අද (03) පැවති මාධ්‍ය හමුවක දී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

“දෙපාරක් අත් හෝදන්න ඕනේ. මුව ආවරණය ගලවලා “වී නිලධාරියාට“ පෙන්නුවාට පස්සේ. අපේ දෙවෙනි නිලධාරියා නැවත අත් සෝදවනවා. ඡන්ද පොළෙන් පිටව යද්දීත් අත් පිරිසිදු කරනවා“ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

“පෑනක් ගේන්න කියලා තියෙනවා. කළු පාට හරි නිල් පාට හරි කවුරුහරි පෑනක් ගෙනාවේ නැත්තම් විෂබීජහරණය කළ පෑනක් ලබා දෙනවා. වසංගතය ඡන්දය නිසා ව්‍යාප්ත වෙන්නේ නෑ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දුන් නිර්දේශවලට අනුව ක්‍රියාකළොත්“ බව ඒ මහතා සඳහන් කළේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'